ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Monday, July 5, 2010

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වීමට විරුද්ධ විය යුත්තේ ඇයි ?

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වීමට විරුද්ධ විය යුත්තේ ඇයි ?


     “පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වීමට විරුද්ධ විය යුතුද?” යන මාතෘකාව යටතේ අප රට තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි විය යුතු බවට මතවාද ඉදිරිපත් කරන ලිපියක් රත්න ඩී. කංකානම්ගේ මහතා විසින් 2010 මැයි මස 29 වන සෙනසුරාදා දින දිවයින පත්‍රයේ පළ කර තිබුණි.

     එහිදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ගැන සඳහන් කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට විරුද්ධව මුල් තැනක් ගෙන ක්‍රියා කරන සංවිධානයක් බව සඳහන් කර තිබුණි. එම ලිපියේ අන් කිසිදු කරුණක් පිළිනොගන්නා හා අනුමත නොකරන අපි ඉහත එම කරුණ පමණක් සම්පූර්ණයෙන්ම පිළිගනිමු. ඒ මන්ද යත්, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ ප්‍රධාන අරමුණක් වන ලාංකීය නිදහස් අධ්‍යාපනය ආරක්‍ෂා කිරීම, පුළුල් කිරීම මත පදනම්ව අප විසින් ජීවිත පරිත්‍යාගයෙන් යුක්තව ඒ අරමුණ වෙනුවෙන් කැප වූ සාඩම්බර ඉතිහාසයක් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සතු වන නිසාය. 1981 දී රාගම දී ඇරඹූ උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිට මේ වන විට අරඹා ඇති මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය දක්වා ඇරඹූ හා ඇරඹීමට උත්සාහ කළ සෑම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකටම එරෙහිව මූලිකත්වය ගත් අපි මෙවරද එම වගකීම ඉටු කරමින් සිටින්නෙමු.

     යම් අයකුට අධ්‍යාපනය ලබා දීමේදී සැලකිය යුතු එකම නිර්ණායකය වන්නේ ඔහුගේ හෝ ඇයගේ දක්‍ෂතාවය බව අපේ පිළිගැනීමයි. එමෙන්ම අධ්‍යාපනය ලැබීම යනුද සමාජ අයිතියකි. එනම් සමාජයේ එක් එක් පුද්ගලයාගේ කුලය, ආගම, වර්ණය, දුප්පත්-පොහොසත් භේදය අධ්‍යාපනය ලබා දීමේදී සැළකිය යුතු නිර්ණායක වේ නම් අධ්‍යාපනය සමාජ අයිතියක් වන්නේ නැත. නමුත් වර්තමානය වන විට සමාජ අයිතියක්ව පවතින අධ්‍යාපනය, එක් සුවිශේෂී පිරිසකට පමණක් උරුම කර දීමේ කුමන්ත්‍රණය ලෝකය පුරා පැතිර යමින් තිබේ. මෙම කුමන්ත්‍රණය ශ්‍රී ලංකාවට ආදේශ වන්නේ පෞද්ගලීකරණය මඟින්ය. වර්තමානයේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ ඇති කිරීමට උත්සාහ කරන පෞද්ගලික විශ්වවිද්‍යාල හා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මඟින් සිදු වන්නේ අධ්‍යාපනය තුළ මුදල මූලිකම සාධකය බවට පත් කිරීමයි. මෙමඟින් අපේක්‍ෂා කරන්නේ අධ්‍යාපනය මුදල් හිමියන්ගේ අයිතියක් බවට පත් කිරීමයි.

     එම ලියුම් කරු පවසන්නේ දැනට අප රට තුළ නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍ය සේවයත් යල් පැන ගිය සංකල්පයන් බවත්, ටියුෂන් නොමැති නම් විශ්වවිද්‍යාලයට යා නොහැකි බවත් වන අතර, දුප්පත් කම නිසා බොහෝ දෙනෙකුට උසස් අධ්‍යාපන අවස්ථා අහිමි වී ඇති බවත්ය. ඔහු එකිනෙකට පරස්පර කරුණු රාශියක් ඉදිරිපත් කරමින් පවසන්නට උත්සාහ කරන්නේද දුප්පතුන්ගේ දරුවන්ට ඇතුල් විය නොහැකි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉදි කිරීම සාධාරණ බවයි.

     මේ වන විට නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍ය සේවයත් නොවටිනා දෙයක් බවට පත් කිරීමට උත්සාහ ගන්නේත්, පාසල් අධ්‍යාපන ක්‍ෂේත්‍රය කඩා දමමින් ටියුෂන් ක්‍ෂේත්‍රය ඉදිරියට ගන්නේත්, රජයේ රෝහල් පද්ධතිය බිඳ දමමින් පෞද්ගලික රෝහල් ඉහළින් වැජඹෙන්නේත් කාගේ අනුග්‍රහයෙන්ද? මෙය ටියුෂන් ගුරුවරුන්ගේ වරදක්ද? පාසල් ගුරුවරුන්ගේ වරදක්ද? නැතිනම් රජයේ රෝහල් වල සේවය කරන වෛද්‍යවරුන්ගේ කිසියම් දොෂයක්ද? අ.පො.ස. උසස් පෙළ එක් විද්‍යා විෂයක් ඉගෙන ගැනීමට ටියුෂන් මාස්ටර් කෙනෙකුට පැයකට රු.1500ක් හෝ 2000ක් ගෙවන්නට සිදු වීමෙන් නිදහස් අධ්‍යාපනයේ තරම මැන ගතහැකි බව එම ලියුම් කරු පවසයි. අපේ රටේ පාසල් අධ්‍යාපනය මෙසේ ටියුෂන් වසංගතයක් මඟින් ගිල ගැනීමට පාර කපන ලද්දේ අපේ රටේ ජනතවගේ ඡන්ද බලයෙන් මහජන නියෝජිතයින් වූ දේශපාලුවන්ගේ මහිමයෙන් මිස අන් කිසිවකින් නොවේ. අපේ රටේ පාලකයින් අධ්‍යාපනයට මුදල් වෙන් කිරීම සළකන්නේ අනාගත ආයෝජනයක් ලෙස නොව වියදමක් නැතිනම් නාස්තියක් ලෙසයි. වසරින් වසර පාසල් හා විශ්වවිද්‍යාල වලට වෙන් කරන මුදල් කප්පාදු කිරීම හමුවේ බරපතළ භෞතික හා මානව සම්පත් ඌනතාවයන්ගෙන් යුක්ත පාසල් වල සිසුන්ට විභාග සමත් වීමට අවශ්‍ය අධ්‍යාපනය පාසලින් නොලැබෙන කල, තමන්ට අවශ්‍ය විෂය ඉගෙනගැනීමට ගුරුවරුන් නොමැති කල සිසුන්ට සිදු වන්නේ විකල්පයක් ලෙසින් ටියුෂන් සරණ යාම පමණි. එම නිසා මෙම ටියුෂන් පංති සඳහා අවශ්‍ය විභවය සකස් කරනු ලැබුවේ ආණ්ඩුව විසිනි. පෞද්ගලික විශ්වවිද්‍යාල හා වෛද්‍ය විද්‍යාල ඉදි කරමින් උත්සාහ කරන්නේත් එම තත්වය රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියටද උරුම කර දීම මිස අන් යමක් නොවේ. රෝහල් තුළ අත්‍යාවශ්‍ය ඖෂධ වල උග්‍ර හිඟයක් නිර්මාණය කරමින් පැරසිටමෝල් හා සේලයින් පවා බාහිරින් ගෙන ආ යුතු තරමට නිදහස් සෞඛ්‍ය සේවයේ කොඳු නාරටිය කඩා දැමුවේ ආණ්ඩුවයි. මේ අවස්ථාවේ අප කළ යුත්තේ මේ සේවාවන් දැන් විනාශ වී ඇති බව පවසමින්, තවත් අගාධයට ඇද දමමින් නිදහස් අධ්‍යාපනයේත් නිදහස් සෞඛ්‍ය සේවයේත් මිනී පෙට්ටියට අන්තිම ඇණය ගැසීමට අත් එසවීම නොවන බව තේරුම් ගත යුතුය.

     මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධියේ විකුණුම් මිල රුපියල් ලක්‍ෂ 80කි. ඒ අධ්‍යයන කටයුතු සඳහා පමණි. එනම් වසර පහක අධ්‍යාපන පාඨමාලාවේදී එම පාඨමාලාවට ශිෂ්‍යයන් ඇතුළත් කරන දෙමාපියන්ට වසරකට ලක්‍ෂ 16ක් ගෙවීමට හැකියාව තිබිය යුතුය. එනම් මසකට රුපියල් ලක්‍ෂයකට වැඩි මුදලක් ගෙවීමීට මූල්‍ය ශක්තිය ඇති පවුලක දරුවෙක් විය යුතුය. 2009 මහ බැංකු වාර්තාව අනුව දිනකට රු.120 කට අඩු ආදායම ලබන ජනගහනය අප රටේ 5.6%කි. දිනකට රු.240 කට අඩු ආදායම ලබන ජනගහනය 41.6%කි. එසේ නම් මෙම ආරම්භ කරන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කා වෙනුවෙන්ද යන්න පැවසීමට තව දුරටත් අටුවා ටීකා අවශ්‍ය නැත. එනම් මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට ඇතුල් වීමට එකම සුදුසුකම වන්නේ අදාළ මුදල ගෙවීමට ඇති හැකියාව පමණි. මේ වන විට මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් බඳවාගෙන ඇත. ඔවුන් අතරින් බහුතරයකට මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට ඇතුල් වීමට අවශ්‍ය මූලික සුදුසුකම් වත් නොමැත. හැකි නම් මේ වන විට මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන සුදුසුකම් හෙළි කරන ලෙසට අපි අභියෝග කරමු. මෙයට හොඳම උදාහරණය රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් ගත හැකිය. එහි අධ්‍යයන කටයුතු සඳහා අ.පො.ස. උසස් පෙළට භෞතික විද්‍යාව හදාරා නැති සිසුන්, ගෘහ විද්‍යාව හා සෞන්දර්යය වැනි විෂයයන් හදාරා ඇති සිසුන් මෙන්ම, අ.පො.ස. උසස් පෙළ සමත් නොමැති සිසුන්ද විය. එහිදී ඇතුළත් කරනු ලැබූ ශිෂ්‍යයන් 120 දෙනෙකුගෙන් අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කළ හැකිව තිබුණේ සිසුන් 96 දෙනෙකුගේ පමණි.

     මෙම ලියුම්කරුට දිස්ත්‍රික් ක්‍රමය ගැන ගැටළුවක් පැන නැගී ඇත. මෙම ක්‍රමය ලාංකීය අධ්‍යාපන ක්‍ෂේත්‍රයට හඳුන්වා දෙනු ලැබුවේ 1974 දීය. එයට පෙර දිවයිනම එක් ඒකකයක් ලෙස සලකා සිසුන් තමන් අ.පො.ස. විභාගයේදී දැක්වූ කුසලතාවය අනුව විශ්වවිද්‍යාල වලට තෝරා ගැනුණි. එවිට අධ්‍යාපන පහසුකම් වැඩි දිස්ත්‍රික්ක වල බහුතරයකට විශ්වවිද්‍යාල වරම් හිමි වූ අතර අධ්‍යාපන පහසුකම් අඩු දිස්ත්‍රික්ක වල සිසුන්ට සරසවි වරම් අහිමි විය. මේ නිසා දිස්ත්‍රික් ක්‍රමය යටතේ යම් පිරිසක් ඒ ඒ දිස්ත්‍රික්ක වලට හිමි කෝටාව අනුව තෝරා ගන්නා අතර තවත් පිරිසක් දිවයිනේම කුසලතාවය අනුව තෝරා ගැනෙති. මේ ක්‍රමය යටතේ සෑම දිස්ත්‍රික්කයටම යම්කිසි සිසුන් ප්‍රමාණයකට විශ්ව විද්‍යාලයේ ඕනෑම පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාව හිමිව ඇත. මෙය සර්ව සම්පූර්ණ ක්‍රමයක් නොවූවත් බහුතරයක් සාධාරණ ක්‍රමයක් ලෙස පිළිගනිති. මෙහිද අසාධාරණතා නැතුවා නොවේ. මන්ද යත්, එකම දිස්ත්‍රික්කය වුවත් අධ්‍යාපනයේ විෂමතා සහිත පාසල් පවතින බැවිණි. නිදහස් අධ්‍යාපන පනත සම්මත කර වසර 60කට අධික කාලයක් ගත වී ඇතත් අපේ රට පුරා එක සමාන ලෙස අධ්‍යාපන පහසුකම් ව්‍යාප්ත කිරීමට පාලකයින් සමත් නොවීමී මෙම ක්‍රමය මෙතෙක් කල් පවත්වා ගැනීමට හේතුවයි. ඒ, පාලකයින්ට ඒ සඳහා නිශ්චිත සැලැස්මක්, දර්ශනයක් නොමැති වීමයි. ඒ අනුව දශම සංඛ්‍යාවකින් Z - Score ක්‍රමයේදී විශ්වවිද්‍යාල වරම අහිමි වන දක්‍ෂ සිසුන්ට අවස්ථාව ලබා දීමට කළ යුත්තේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරඹීම නොව විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කිරීමයි. 2009 වසරේ වෛද්‍ය විද්‍යාව සඳහා උපරිම Z - Score ලකුණු ප්‍රමාණය ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයටයි. එය 1.9686 කි. කොළඹ දිස්ත්‍රික්කයේ එහි අගය 1.9671 කි. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් විය හැකි මාසයකට ලක්‍ෂයකට අධික මුදල් වැය කළ හැකි දෙමාපියන් සිටින දශම ගණනක අඩුවක් නිසා වෛද්‍ය විද්‍යා පාඨමාලාව අහිමි වූ දරුවන් කොපමණ ප්‍රමාණයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිටීද? පහත දැක්වෙන්නේ පසුගිය වසර කිහිපය තුළ දළ දේශීය නිශ්පාදිතයෙන් අධ්‍යාපනයට වෙන් කළ මුදල් ප්‍රමාණයයි.

වසර                            2006      2007      2008      2009
මුදල් ප්‍රතිශතයක් ලෙස   2.67      2.59      2.27      2.08


     වසරින් වසර එම අගය කප්පාදු කර ඇති බව පෙනේ. දැන් යුද්ධය අවසන්ය. එයට වැය කළ ජනතා මුදල් අධ්‍යාපනයට වෙන් කර විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කර නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම මේ මොහොතේ ආණ්ඩුවේ වගකීමයි. අපේ රටේ රාජ්‍ය ආදායමෙන් 90%ක් සමන්විත වනුයේ ජනතා බදු වලින් මිස ඇමති වරුන්ගේ බූදල් වලින් නොවේ. එම ජනතා මුදල් ජනතා සුබසිද්ධියට හේතු වන වෛද්‍යවරුන් වැඩියෙන් පුහුණු කිරීම සඳහා යෙදවීමට ජනතාව විරුද්ධ නොවේ. දැනට අප රටේ බටහිර වෛද්‍යවරු සංඛ්‍යාව 13633කි. වෛද්‍ය ජන අනුපාතය 1500 : 1 කි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මනා සෞඛ්‍ය සේවයක් සඳහා වෛද්‍ය ජන අනුපාතය 280 : 1 ක් විය යුතුය. එම නිසා කළ යුත්තේ වෛද්‍යවරුන් වැඩියෙන් පුහුණු කිරීම සඳහා තවත් රජයේ වෛද්‍ය පීඨ ඇරඹීම විනා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීම නොවේ.

     මෙම ලියුම්කරු පෞද්ගලික විදේශීය වෛද්‍ය උපාධිධාරීන් හොඳ ගුණාත්මක තත්වයෙන් යුක්ත පිරිසක් බව කියයි. විදේශීය වෛද්‍ය උපාධිධාරීන් සඳහා මෙරටදී පවත්වන Act - 6 විභාගයේදී පසුගිය වසරේ සමත් ප්‍රතිශතය 6% කි. ඔවුන් එම විභාගය සමත් වන්නේ වසර ගණනක් උත්සාහ කර දැඩි වෑයමකිනි. තවදුරටත් මොවුන්ගේ ගුණාත්මක තත්වය පිළිබඳ වැඩිදුර විස්තර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් විමසා දැන ගත හැකිය.

     තවද තරගය නිසා සංවර්ධනයක් හා අධ්‍යාපනයේ දියුණුවක් දැකිය හැකි බව මේ ලියුම්කරු පවසයි. අධ්‍යාපන විද්‍යාව අනුව තරගය තුළින් යහපත් ප්‍රතිඵල අත් පත් කර දෙන නමුත් නිරන්තර මූල්‍ය කප්පාදුවට ලක් වන රාජ්‍ය වෛද්‍ය පීඨ හා කෝටි ප්‍රකෝටි ගණනින් ලාභ උපයන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අතර තරගය මඟින් සිදු වන්නේ හාවාටත් ඉබ්බාටත් දුවන්නට සලස්වා වඩා වේගවත් කවුදැයි බැලීමකි. මේ වන විට රජරට වෛද්‍ය පීඨයට මහාචාර්ය ඒකකයක් (Professorial unit) නැත. බහුතරයක් සායනික දෙපාර්තමේන්තු සඳහා ආචාර්යවරු නොමැත. තරගය තුළින් මෙම අවශ්‍යතා ඉටු වන්නේ කෙසේදැයි පැහැදිළි කිරීම මැනවි. මෙතුමා ආචාර්ය හිඟය ගැනද කථා කරයි. මේ වන විට කැලණිය, කොළඹ හා පේරාදෙණිය විශ්වවිද්‍යාල වල වෛද්‍ය පීඨ වල ආචාර්යවරු තිදෙනෙක් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට වැඩි වැටුපට සම්බන්ධ වීම නිසා ඔවුන්ගේ සේවය රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට අහිමි වී තිබේ. 

     පෞද්ගලික විශ්වවිද්‍යාල හා වෛද්‍ය විද්‍යාල බිහි කිරීමෙන් සිදු වන්නේ මෙරට පෙර පැවති ධනවතුන්ගේ දරුවන්ට පමණක් හිමි වී තිබූ වෛද්‍යවරයකු, නීතිඥවරයකු හා ඉංජිනේරුවරයකු වැනි වෘත්තිකයකු බවට පත් වීමේ අයිතිය නැවත ධනපති පංතියේ පරවේනීය උරුමයක් බවට පත් වීම පමණි. ගොවියාගේ දරුවා ගොවියකු බවටත්, කම්කරුවාගේ දරුවා කම්කරුවකු බවටත් පත් කිරීමට බල කරන සමාජ ක්‍රමයක් මෙරට තුළ බිහි වීමයි. එබැවින් මෙරට තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි කිරීමට කිසිම අවශ්‍යතාවක් නොමැත. කළ යුත්තේ අධ්‍යාපනයට වෙන් කරන මුදල් ප්‍රමාණය වැඩි කර අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමයි. ආණ්ඩුව අවංකව ඒ වෙනුවෙන් කැප වේ නම් කළ යුත්තේ එයයි. එය ඉටු නොකර, සුළු පිරිසකගේ උවමනාවන් වෙනුවෙන් නිදහස් අධ්‍යාපන අයිතියත්, නිදහස් සෞඛ්‍ය සේවයත් බිල්ලට දීමට උත්සාහ කළ ආණ්ඩු වල ආයුෂ ඉතා කෙටි වූ බව ඉතිහාසය අපට උගන්වයි.


අසංග වික්‍රමසිංහ
කැඳවුම්කරු
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව


10 comments:

  1. ඉතින් ඇයි බන් උඹලා මෙච්චර කෑ ගහන්නේ. උඹලා ඔච්චර පෞද්ගලීකරණයට විරුද්ධ නම් වෛද්‍යවරුන් Channel කරලා බෙහෙත් දෙන එකටත් විරුද්ධ වෙයන්කෝ. චැනල් කියලා කොච්චර අහින්සක මිනිසුන්ගෙන් සූරා කරනවාද?
    නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන පොඩි දේටත් ලෙඩුන් බිල්ලට තියලා වර්ජන කරන එක නවත්තපන්කො.
    මිනිස්සුන්ගේ බදු මුදල් වලින් ඉගෙන ගෙන රටට සේවය කරන්නේ නැතුව වෙන රටවල් වලට පැන යන එකටත් විරුද්ධ වෙයන්කො.

    ReplyDelete
  2. මචං word verificaion අයින් කරොත් හොඳයි

    ReplyDelete
  3. මම සිතන විදිහට ගැටළුව තියෙන්නෙ දැන් විශ්ව විද්‍යාල වල ඉන්නා සිසුන්ට මෙවැනි පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගැනීමෙන් තමන්ට රැකියාවක් ලැබේද යන්න බිය සහ ඒ අයට තියෙන අවස්ථා අහිමිවේ කියන බිය තමා මම නම් දකින්නෙ.

    මම නම් අහන්නෙ A/L කරන ලක්ෂ දෙකකට වඩා වැඩි පිරිසකින් උසස් අධ්‍යාපනය ලබන්න වරම් ලබන්නෙ 8000ක් වැනි පිරිසකට. අනික් අය පුළුවන් අය පිටරටට යනව බැරි අය තියෙන බාහිර උපාධියක් කරනව. ඉතින් ලංකාවෙ සෑම භාහිර උපාධියක්ම ‍පහසුවෙන් කරන්න සහ ඉවර කරන්න බෑ. අනික වැඩිපුර මහන්සි වෙන්න ඕනි. පුස්ථකාල අන්තර්ජාලය වැනි පහසුකම් නෑ. ඉතින් එහෙම එකේ අධ්‍යාපන ණයක් අරගෙන හෝ උපාධියක් කර රැකියාවක් කිරීමට අවස්ථාව ‍ලබාදීම වරදක්ද ?

    අනික පිටරටවල ළමුන් අනිවාර්යයෙන් ලංකාවෙ මුදල් දී ඉගෙන ගන්න අවස්ථාව ලැබුනොත් එනව. එමගින් විදේශ විනාමය වගේම ගැටළුවක් ව පවතින ඉංග්‍රීසි භාෂාව භාවිතයත් මග හරවා ගන්න පුළුවන්.

    මහ ලොකුවට කෑ ගහ ගහ කීවට නිකන් ඉගෙන ගත්තට කලගුණ සලකන අය කීයෙන් කී‍ දෙනාද ඉන්නෙ ? මම නම් දකින්නෙ නිකන් බොරුවට කෑ ගැහීමක් පමණක් බවත් අන් අය ඉගෙන ගන්නවාට තියෙන ඉරිසියාවක් බවයි.

    ReplyDelete
  4. මම සිතන විදිහට ගැටළුව තියෙන්නෙ දැන් විශ්ව විද්‍යාල වල ඉන්නා සිසුන්ට මෙවැනි පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගැනීමෙන් තමන්ට රැකියාවක් ලැබේද යන්න බිය සහ ඒ අයට තියෙන අවස්ථා අහිමිවේ කියන බිය තමා මම නම් දකින්නෙ.

    මම නම් අහන්නෙ A/L කරන ලක්ෂ දෙකකට වඩා වැඩි පිරිසකින් උසස් අධ්‍යාපනය ලබන්න වරම් ලබන්නෙ 8000ක් වැනි පිරිසකට. අනික් අය පුළුවන් අය පිටරටට යනව බැරි අය තියෙන බාහිර උපාධියක් කරනව. ඉතින් ලංකාවෙ සෑම භාහිර උපාධියක්ම ‍පහසුවෙන් කරන්න සහ ඉවර කරන්න බෑ. අනික වැඩිපුර මහන්සි වෙන්න ඕනි. පුස්ථකාල අන්තර්ජාලය වැනි පහසුකම් නෑ. ඉතින් එහෙම එකේ අධ්‍යාපන ණයක් අරගෙන හෝ උපාධියක් කර රැකියාවක් කිරීමට අවස්ථාව ‍ලබාදීම වරදක්ද ?

    අනික පිටරටවල ළමුන් අනිවාර්යයෙන් ලංකාවෙ මුදල් දී ඉගෙන ගන්න අවස්ථාව ලැබුනොත් එනව. එමගින් විදේශ විනාමය වගේම ගැටළුවක් ව පවතින ඉංග්‍රීසි භාෂාව භාවිතයත් මග හරවා ගන්න පුළුවන්.

    මහ ලොකුවට කෑ ගහ ගහ කීවට නිකන් ඉගෙන ගත්තට කලගුණ සලකන අය කීයෙන් කී‍ දෙනාද ඉන්නෙ ? මම නම් දකින්නෙ නිකන් බොරුවට කෑ ගැහීමක් පමණක් බවත් අන් අය ඉගෙන ගන්නවාට තියෙන ඉරිසියාවක් බවයි

    ReplyDelete
  5. ප්‍රශ්නය: පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වීමට විරුද්ධ විය යුත්තේ ඇයි?
    පිලිතුර:පැහැදිලි ඉරිසියාව නිසා
    රොහාන්

    ReplyDelete
  6. ඇත්ත තමයි.අපි අනිවාර්යෙන් පෞද්ගලික වි.වි උවදුර පරාජය කරන්න ඔන.කලින් අදහස් දක්වපු මහත්තරැ ලංකාවෙ කැමිපස් වල ඉගෙන ගත්ත අයද දන්නෙ නැ.නමුත් ලංකාවෙ කැමිපස් වල තත්වය දැනගන්න ඒවාට යන්නම ඔන.පෞද්ගලික වි.වි ඇති කරන්න කලින් රජයේ වි.වි හදල ඉන්න ඔන.දැන් ඒවා පවතින්නෙ අන්තිම අසාධෟ තත්වයෙ.ඔය මහත්තරැ ඔචිචර අවඩන ඒන්ගලන්තෙ පවා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැත.වසරෙන් වසර අධෟපනයට වෙන් කරන මුදල් කපනවා.රජයේ වි.වි ටික විනාශ කරල දමලා,නැවතත් නිදහස් අධෟපනය ගෙන්න කලින් තිබුනු තත්වය ඇති කරන්න තමයි ඔය හදන්නෙ...

    ReplyDelete
  7. @abeywarna - umba hithuwada lankawa americawe kellak kiyala.. thopilata nikan degree eka denawa madiwata...yako private campus dammahama rate duppath lamain ta campus yanna puluwan chance eka wedi wenawa.. anika ewaen gahana tax walin goverment university wedi diyunu karanna puluwan..

    umbala mewa dena denath kee gahanne umbalage thiena kaalakanni kamai.. kuhaka kamai, eerisiyawai nisa..

    thoplawa hadapu demawwpiyannta !#@$E#$#@#%$#%^

    ReplyDelete
  8. අපි හිතමු පෞද්ගලික වෛද්යම විද්යානල දැමිමා කියලා.උඩ අය කියන විදිහට මෙකට විරැද්ධ වෙන අය වෙන්නේ ඊර්ෂ්යාතවට ජොබි නැති වෙයි කියලා නේ.ඵ් කියන්නේ ඵහෙම වෙන්න පුලුවන් කියලා පිලි ගන්නවා නේද?
    වෛද්යේ උපාධිය අමතක කරමු .අනිත් උපාධී වලට අද මෙකද වෙලි තියෙන්නේ .කළමනාකරන උපාධිය සල්ලි වලට ගන්ඩ පුලුවන්.රජයේ විශ්ව විද්යානල වලින් ගන්ඩත් පුලුවන්.අද රැකියාව ගන්න කොට ඉස්සර වෙලාම රස්සාව දෙන්නේ කාටද?රජයෙන් අයින් වුන අයටද? නෑනේ.සල්ලි වලට උපාධිය ගත්තු අයටනේ.උඩ අය කියන විදිහටම අද ඵහෙම වෙලා තියෙනවා.අනිත් උපාධි වල.ඇයි රජයේ අයට ඵහෙම අවස්ථාවක් නොලැබෙන්නෙන්.ඇත්තටම ඵ් උපාධි වල අවශ්ය් කරන අඩංගුව නෑ.පෞද්ගලික අංශ‍යේ ඵ් අඩංගුව දියුනු කරලා තියෙනවා.පෞද්ගලික අංශයේ කවුද උගන්වනනේ.පිටරටින් ගෙනල්ලද?නෑ.රජයේ විශ්ව විද්යාදල වල ආචාර්යවරැම තමයි.ඵහෙනමි ඇයි රජයේ ගුනාත්මක භාවය අඩු උනේ.හේතුව තමයි,විෂය නිර්දේශ කප්පාදුව,විෂය නිර්දේශ අලුත් නොකිරීම,ආචාර්ය හිගය,භෞතික සමිපත් හිගය(දේශන ශාලා,මල්ටි මීඩියා උපකරන,පුස්තකාල පහසුකමි,)වගේ දේවල්.ඵ් හින්දා තමයි කැමිපස් වල උන් ඉගෙන ගන්න ඵක පැත්තකින් තියලා උද්ගෝෂණ කරන්නේ .(ඵ්ක වැරැද්දක්ද?)අවුටි උනාම රස්සාව නැත්තමි ඵ්ක ලබා ගන්ඩ සටන් කරන ඵක වැරැද්දක් නමි,සටන් කිරීම වැරැද්දක් නමි මුලු ඉතිහාසයම වරදති,මන්ද මුලු ඉතිහාසයම අයිතවාසිකමි වෙනුවෙන් ඉතාව සාධාරණ අයිතිවාසිකමි වෙනුවෙන් ,ජීවත් වීමට අවශ්යඅ අවම අයිතිවාසිකමි වෙනුවෙන් සටන් කළ හෙයිනි...........
    එ‍හෙමනමි දැනට විශ්ව විද්යාිල වල ඉන්න උන් බය වෙන එක අසාධාරනද?

    ReplyDelete
  9. මෙහෙම හිතමු..........නිදහස් අධ්යානපනයෙන් පමනක් උසස් අධ්යාංපනය දෙන්න රජය වැඩ කල යුතුයි.තව තවත් රජයේ වෛද්ය. ඵීඨ ආරමිභ කල යුතුයි.එතකොට ඔය කියන ඉතාම අසරන වුන සල්ලකාර දරැවන්ට ,දුප්පත් දරැවන්ට හැමෝටම අවස්ථාව තියෙනවා.කරන්න තියෙන්නේ නිදහස් අධ්යා පනය යටතේ අධ්යාවපන අවස්ථා පුලුල් කරන එක මිසත් පෞද්ගලක කඩ අරින එක නෙමෙ.
    ඒ හින්දා අපි කියන්නේ මෙි රටට අවශ්ය නිදහස් අධ්යානපනය යටතේ අධ්යා්පන අවස්ථා පුලුල් කිරීමක් මිසක් පෞද්ගලික අංශයට ලබා දීම නෙමෙ කියලා.ඒ හින්දා අපි කවදාවත් මේ රටෙ නිදහස් අධ්යායපනය නැති වෙන්න දෙන්නේ නෑ.......................................................ඒක ලාංකීය ශිෂ්යන ව්යා පාරය මෙ මවිබිමට දීලා තියෙන පෙරොන්දුවක්.අපි ඒක දිවි හිමියෙන් රකිනවා...........

    ReplyDelete
  10. උසස්පෙළ කියන්නෙ තරග විබාගයක්,ඒක පාස්කරගන්න බැරුව බොරු තර්ක දාන ගොන්නූ ගැන දූකයි.ලකුනක් අඩූනමි අඩූයි,දැං ඔය මෙිවට කෑගහන අපේ මන්තිරිලටත් එකක් අඩූවූනත් ගන්නේ නැනේ. එකත් වැරදි නමි ඉල්ලපියවූ කෝ පාර්ලිමෙන්තු යන්නත් මට මෙචිචරනේ අඩූ කියලා.සමහරු කියයි මෙි විබාග ක්‍රමෙි වැරදියි කියලා.වැරදියි නමි පිළිගත හැකි ක්‍රමයක් ගෙනෙල්ලා.මෙික සල්ලිකාර ගොන්නූන්ට කරන්න පූලූවන් ජොබි එකක් නොවෙයි.සල්ලි නෙවෙයි හිතන්න මොලයකුත් තියෙන්න ඔින.ඇත්තටම සමහර කැනහිලෝ කෑගැහූවට ලක්‍ෂ 16ක් අවූරුද්කට දොස්තර කෙනෙකුට වත් හමිබවෙනවද?
    මෙිවා එක්තරා පිරිසකට විතරයි.පැහැදිලි ඉරිසියාව තමන්ට විබාගයක් වත් පාස්වෙන්න මොලේ නැතිකමට.........................

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි