ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Thursday, April 21, 2011

සරසවි සිසුන්ට හමුදා පුහුණුව වෙනුවට ඉංග්‍රීසි උගන්වන්න - අන්තරය

Sanjeewa bandara - IUSF
     විශ්ව විද්‍යාලවල සිසුන්ට හමුදා පුහුණුවක් දීම අවශ්‍ය නොවන බවද මේ අවස්ථාවේදී කළ යුතු වන්නේ සිසුන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම බවද හමුදා පුහුණුවක් ලබාදිය යුත්තේ කිසිඳු විනයක් නොමැති දේශපාලනඥයින්ට බවද අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පවසයි.

      ඒ මහතා එසේ පැවසුවේ, ඊයේ (20) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි. එහිදී තවදුරටත් අදහස් දක්වමින් හෙතෙම ප්‍රකාශ කළේ, විශ්ව විද්‍යාලවලට ඇතුළත් වන සිසුන්ට හමුදා කඳවුරු තුළ නායකත්ව පුහුණුවක් දීමේ වැඩසටහනක් මැයි 23 වැනිදා සිට ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වන බවත් එසේ හමුදා කඳවුරුවල පුහුණුව ලබාදීමට අන්තර් විශ්ව විද්‍යාලයීය බල මණ්ඩලය දැඩි විරෝධය දක්වන බවත්ය.

     සති 3 ක කාලයක් සඳහා විශ්ව විද්‍යාල සිසුන් හමුදා කඳවුරු තුළ ගාල්කර මෙවැනි පුහුණුවක් ලබාදීම රට හමුදා පාලනයක් කරා ගෙනයාමේ එක් පියවරක් බවද හමුදා කඳවුරු තුළ කරන පුහුණුවක් තුළින් විශ්ව විද්‍යාල සිසුන් තුළ විනයක් ඇති කිරීමට නොහැකි බවද හමුදා පාලනයක් තුළ සිසුන්ගේ විනය සකස් කළ ‍නොහැකි බවද සංජීව බණ්ඩාර මහතා එම මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කළේය.

4 comments:

  1. මාර මොලකාරයෝ තමයි අන්තරෙත් ඉන්නේ. මුන් අත් උස්සලාද කොහෙදෝ කැම්පස් වලට අරන් තියෙන්නේ.

    ReplyDelete
  2. very good step taken by the higher education minister.in Germany and other countries it is mandatory to have 1 1/2 years military training for the university students and others.I think authorities should seriously think about extends these period for at least to one year. these people may latter absorbed into a new voluntary corp!
    I am unable to understand why those student union leaders shouting against this type of good scheme which will eventually benefiting the country!
    janatha puthra

    ReplyDelete
  3. If you guys really want students to learn English why aren't you allowing them to attend English classes conducted by ELTUs ? Why do you guys rag these students during that time ? Why aren't you allowing them to speak in English ? Do you really think not even allowing them to say good morning will improve their English ? Just don't talk bullshit man ..Just don't take these students as your pawns and please don't ruin their future ... Education is not given for free..Somebody some where is paying for us..You guys are just wasting their sweat and blood ... and finally don't even pay the due respect to that people .. Please grow up ..if its not for a IUSF we wouldn't have seen this kind of things happening inside SL universities

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි