ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Wednesday, November 3, 2010

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධෙයන් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ස්ථාවරය

මාධ්‍ය නිවේදනයයි



     මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් බිහි කිරීමේ කාර්යය කිසිදු ප‍්‍රමිතියකින් සහ නීතීයකින් තොරව සිදුවන කටයුත්තක් බව අප පෙන්වා දීම නිසා, ඊට විරුද්ධව පියවර ගැනීම වෙනුවට එයට අනුග‍්‍රහය දැක්වීමට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කටයුතු කිරීම ගැන අප දැඩි අප‍්‍රසාදය පල කරමු.

     ශී‍්‍ර ලංකාවේ රෝගී සේවාවේ ප‍්‍රමිතිය රැුකගැනීමේ වගකීම ඇති, ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය එම ව්‍යාපාරිකයා ලබා නැත. අවම වශයන් නීතීයට අවශ්‍ය කරණ ආයෝජන මණ්ඩලයේ  (BOI) හෝ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ අනුමැතිය ලබාගෙන නැත. එපමණක් නොව දේශපාලන බලය යොදවා උත්තරීතර වෛද්‍ය සභාවේ අනුමැතියත් ලබා ගන්නා බව ඔහු පවසා ඇත.

     මෙම ව්‍යාපාරිකයා දේශපාලන බලය යොදවා ඔහුට ගැලපෙන පරිදි නීතීය සහ ප‍්‍රමිතිය සංශෝදනය කරණ බවත්, ඒ සඳහා ඔහු මුදලින් හා දේශපාලන බලයෙන් සවිමත්් බවත් පවසා ඇත. මේ කරුණු අප මාධ්‍ය වලට පෙන්වා දුන්විට උසස් අධ්‍යාපන ඇමතිවරයා ඉතා ඏණිකව කි‍්‍රයාකල ආකාරයෙන් සහ ඔහු දුන් ප‍්‍රකාශවලින් එය සනාථ වන ආකාරයෙන්ම සිදුවීම නිසා ඉතා අභාග්‍ය සම්පන්න තත්වයක් උදා වී ඇත.

      ලංකාවේ බොහෝ ෙඏ්ත‍්‍රවල ප‍්‍රමිතිය බිඳ වැටෙද්දී සෞඛ්‍ය ෙඏ්ත‍්‍රයේ ප‍්‍රමිතිය අපගේ බලවත් පරිශ‍්‍රමයෙන් අද වන තෙක් රැුකගෙන ඇත. නමුත් එම ප‍්‍රමිතිය දේශපාලනයෙන් 2/3 බලය යොදවා බිඳ දමන බවට ඇමතිවරයා කල ප‍්‍රකාශය ඉතා බැ?රුම් බව ජනතාව තේරුම් ගත යුතුය. කෙටියෙන් කියතොත් අද ලැබෙන රෝගී ප‍්‍රතිකාර සේවා සහ එහි සෞඛ්‍ය දර්ශක ගුණාත්මක බවින් යුතුව පවත්වාගෙන යෑම අහෝසි වන දිශාවට ගමන් කරණු ඇත.

     මුදලින් සංතෘප්ත පුද්ගලයෙක් නීතියට පිටුපා සෞඛ්‍ය සේවයේ ප‍්‍රමිතිය බිඳ දැමීමට රටේ ඇති දේශපාලන ස්ථාවරභාවය උපයෝගී කර ගැනීම ඉතා අවසානාවන්ත තත්වයක් වන අතර එය වැලැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට අප කිසිසේත් පසුබට නොවන බවත් අවධාරණය කර සිටිමු.

ස්තූතියි,
වෛද්‍ය බී. ටී. ගුණසේකර
ලේකම්


වැඩිදුර විස්තර සඳහා -

වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය - 0713244222 
වෛද්‍ය චන්දික එපිටකඩුව - 0718609961

Source - www.gmoa.lk

1 comment:

  1. ඔබ සංගමය හිතනවද ජනතාව ඔබලා වෙනුවෙන් පෙලගැහෙයි කියල. ඔබලා කොයිතරම් අහිංසක මිනිස්සුව සුරකනවද? ෆාමසි , හදවත් සැත්කම් වලට දාන පොඩි ගැජට් කඩවලින්,කොමිස් ගහනව, පඩියට සරිලන්න රජයේ සේවයේ නොයෙදන , සුරකාපු සල්ලි වලින් මහජන තාව මත බදුබර පටවා විශාල වටින වාහන ගෙන ඒව නඩත්තු කරන්න තව තව සුරකන එක නවත්වන ඔනි. අනිත් උපාධි හෝ උගතුන්ට වඩා මේ අය සමානයි ඇමැතිලාට.
    බස්කොන්දොස්තරලා වෙනුවෙන් මිනිස්සු අනුකම්පා කරන්නේ නැත්තේ කෙසේද ඒ සමානව දොස්තරලාටද එය ලැබේ

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි